වජිරලොංකෝන් මහරජතුමන්ගේ 72 වන ජන්ම දින සැමරුම වෙනුවෙන් ඉන්දියාවේ සාංචි චේතියගිරි විහාරයේ තැම්පත් කර ඇති සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා විශේෂ රාජ්‍ය ගෞරව සහිතව අතිපූජ්‍ය බානගල උපතිස්ස නාහිමිපාණන් වහන්සේ විසින් පෙබරවාරි මස 22 වෙනිදින තායිලන්තයට වැඩම කරවන ලදී.
